කැකිරාව ප‍්‍රා.ස. සභාපති ඇතුළු 6 ක් නිදහස්.
2012 ජූනි 21 බ්‍රහස්පතින්දා- පස්වරු 01:57
ඉකුත් 2001 පාර්ලිමේන්තු මහ මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රචාරක රැළියකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා ලැබ සිටි කැකිරාව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 6 දෙනෙකු අනුරාධපුර මහාධිකරණය විසින් නිදහස් කර තිබෙනවා. අද (21) දිනයේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක විසින් මෙලෙස නිදහස් කළ විත්තිකරුවන් අතරට කැකිරාව ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුද අයත්. 2001 වසරේ දෙසැම්බර් මස කැකිරාව මඩාටුගම ප‍්‍රදේශයේ පැවති මැතිවරණ ප‍්‍රචාරක රැලියකට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර දේපළවලට හානි සිදුකළ බවට මොවුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණා.
