පි‍්‍රයංකට පුළුවන්ද ෂාරුක් නැතිව රඟපාන්න.
2012 ජූනි 22 සිකුරාදා- පෙරවරු 08:26
ෂාරුක් ඛාන් සහ පි‍්‍රයංකා චොප්රා අතර සම්බන්ධය ඇත්තක් වුණත් බොරුවක් වුණත් මේ කට කතාව නිසා පි‍්‍රයංකට ගොඩක් දේවල් අහිමි වුණා. වැඩිය ඕන නැහැ, කසාද බැඳපු බොලිවුඞ් නළුවන්ගේ බිරින්දෑවරු තමන්ගේ සැමියට පි‍්‍රයංකා එක්ක රඟපාන එක තහනම් කරලා. ඒ ගැන පි‍්‍රයංකා කියන්නේ මේ වගේ කතාවක්. ‘‘කවුරු හරි කෙනෙක් තමන්ගේ බිරිඳ නිසා මාත් එක්ක රඟපාන එක ප‍්‍රතික්ෂේප කරනවා නම්, මටත් ඔහුත් එක්ක රඟපාන්න ඕනේ නැහැ.’’ මේ වගේ ලොකු කතාවක් කිව්වට පි‍්‍රයංකට පුළුවන් වෙයිද දන්නේ නෑ, තමන්ගේ පි‍්‍රයතම නළුවා ෂාරුක් ඛාන් එක්ක රඟපාන්නේ නැතුව ඉන්න.
