ශී‍්‍ර ලංකාව 472 යි, පාකිස්තානය 48/5 යි.
2012 ජූනි 23 සෙනසුරාදා- පස්වරු 07:14
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (23) නිමාවට පත්වන විට සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන පාකිස්තාන කණ්ඩායම කඩුළු 05 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටියා. ඒ, ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී සියලූ දෙනා දැවී ලබාගත් ලකුණු 472 ට පිළිතුරු ලෙසයි. ශී‍්‍ර ලංකා පළමු ඉනිම වෙනුවෙන් කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 199 ක් ලබාගත් අතර, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 101 ක් රැස්කළා. පන්දු යැවීමේදී සහීඞ් අජ්මාල් ලකුණු 146 කට කඩුළු 05 ක් බිඳ හෙළීමද විශේෂත්වයක්. පාකිස්තාන පළමු ඉනිමේ දැවී ගිය කඩුළු පහ, නුවන් කුලසේකර සහ සුරාජ් රන්දිව් අතර දෙක බැගින් බෙදී ගිය අතර, රංගන හේරත් එක් කඩුල්ලක් දවා ගත්තා.
