චීනය මුහුදේ කිමිදී වාර්තාවක් පිහිටුවයි.
2012 ජූනි 24 ඉරිදා- පෙරවරු 09:08
චීනය විසින් නිපදවූ මිනිසුන් සහිත සබ්මැරීන යාත‍්‍රාවක් මීටර් 7000 ක් ගැඹුර මුහුදේ කිමිදී අද නව වාර්තාවක් පිහිටවනු ලැබුවා. ජියාඔලොං නොහොත් මකරා ලෙස නම් කෙරුණු මෙම යාත‍්‍රාව පැසිෆික් සාගරයේ මරියානා ආගාධයේ මීටර් 7015 ක් ගැඹුරට ගමන් කළ බවයි වාර්තාවන්නේ. මෙම සබ්මැරින යාත‍්‍රාව පසුගිය වසරේ ජූලි මාසයේදී මීටර් 5188 ක් ගැඹුරු මුහුදේ කිමිදුණා. මුහුදේ ගැඹුරට කිමිදීමෙන් එහි ජීවීන් පිළිබඳ පර්යේෂණ පැවැත්වීමටත් භූ විද්‍යා ව්‍යුහයන් අධ්‍යයනය කිරීමටත් අවස්ථාව සැළසෙනවා. එම අධ්‍යයනයන් මුහුදු සම්පත් ගවේෂණය සඳහා යොදාගත හැකියි. චීනය අද තැබූ වාර්තාව ඇමරිකානු නාවික හමුදා නිලධාරියෙකු සහ ස්විට්සර්ලන්ත සාගර විද්‍යාඥයෙකු 1960 වසරේදී මරියානා ආගාධයේ කිමිදී තැබූ වාර්තාවට සම කළ හැකියි. කෙසේ නමුත් ටයිටැනික් නිර්මාණය කළ ඇමරිකානු චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ජේම්ස් කැමරන් මේ වසර මුලදී මරියානා ආගාධයේ මීටර් 11000 ක් ගැඹුරට කිමිදුණා.
