මුලතිව්වලින් සී - ෆෝ කිලෝ 30ක් සොයා ගැනේ.
2012 ජූනි 24 ඉරිදා- පස්වරු 06:58
මුලතිව් - වෙල්ලමුල්ලවයික්කාල් ප‍්‍රදේශයේ සඟවා තිබූ සී - ෆෝ වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 30 ක් සහ සී - ෆෝ වර්ගයට අයත් යැයි සැකකෙරෙන පුපුරණ ද්‍රව්‍ය කිලෝග්?ම් 329ක් වව්නියාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (23) පස්වරුවේ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ. එල්.ටී.ටී.ඊ සංවිධාන විසින් අවසන් යුධ සමයේදී වළදැමූ බවට සැකකෙරෙන මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය තවමත් කි‍්‍රයාකාරී මට්ටමේ පවතින බව වව්නියාව පොලිසියේ නිළධාරියෙකු පැවසුවා. හිරු ප‍්‍රවෘත්ති අංශයට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා.
