ගම්මිරිස් වගාව නැංවීමේ වැඩසටහනක්.
2012 ජූනි 25 සඳුදා- පස්වරු 01:11
දිවයින පුරා දිස්ත‍්‍රික්ක මට්ටමින් ගම්මිරිස් වගාව වැඩිදියුණු කිරිමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබෙනවා. සෑම දිස්ත‍්‍රික්කයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා නව ගම්මිරිස් පැළ ලබාදීමට කටයුතු කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ. මේ වන විට වෙළඳපොල තුළ ගම්මිරිස් කිලෝවක් රුපියල් 800 ත් 900 ත් අතර මිලකට අලෙවි වනවා. ඉල්ලූමට සරිලන සැපයුමක් වෙළඳපොල තුළ නොමැතිවීම හේතුවෙන් මෙලෙස ගම්මිරිස් මිල සීග‍්‍ර ලෙස ඉහළ යාමට හේතුව බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
