ජල විදුලි උත්පාදනය 14%යි.
2012 ජූනි 25 සඳුදා- පස්වරු 07:11
ඉදිරි වසර 15 තුළ මුළු ලෝකයේම පුනර්ජනණීය බලශක්ති කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ශ‍්‍රී ලාංකිකයන් ද එම අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි ඔහු කියා සිටියේ. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පුනර්ජනණීය බලශක්ති සමුළුවට අද (25) කොළඹදී එක්වෙමින්. මෝසම් වැසි නොලැබීම හේතුවෙන් මෙරට ජල විදුලි උත්පාදනය සියයට 14 දක්වා අඩු වී තිබෙනවා. ඉතිරි අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ලබා ගැනීමට සිදුව ඇත්තේ ගල්අගුරු සහ ඛනිඡ තෙල් ආශ‍්‍රයෙන්. එය දෛනික විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 86 ක් ලෙස සැලකිය හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
