අමීර්, ෂාරුක් කොපි කරයි.
2012 ජූනි 26 අඟහරුවාදා- පෙරවරු 08:44
පේ‍්‍රක්ෂකයන්ගේ අවදානය දිනා ගන්න ඩූම් 03 චිත‍්‍රපටයට දකුණු ඉන්දීය සුපිරි නළු රැජිණි ඛාන්ත් ගන්න යනවලූ. මේ අදහස අමීර් ඛාන්ගේ. අමීර් මේ ලෑස්ති වෙන්නෙ ෂාරුක් ඛාන්ව කොපි කරන්න ද? මොකද ෂාරුක්ගේ රා වන් චිත‍්‍රපටයත් ඔහු රැජිණි ඛාන්ත්ව සම්බන්ධ කර ගත්තා. හැබැයි මේ දවස්වල රැජිණි ඛාන්ත් ඉන්නේ ටිකක් අසනීපයෙන්. ඒ වගේම එයාගේ අලූත් චිත‍්‍රපටයේ රූගත කිරීම් පටන් ගන්නත් බලාපොරොත්තු වනවා. ඉතින් මේ දේවල් හින්දා ඩූම් 03 වෙනුවෙන් කැප කරන්න කාලයක් ඔහුට ඉතිරිවේ ද කියන එක ප‍්‍රශ්නයක්.
