ඉසෙඞ් ස්කෝර් අගය මැවූ බලධාරීන් ඉල්ලා අස්විය යුතුලූ.
2012 ජූනි 26 අඟහරුවාදා- පස්වරු 12:42
පසුගිය වසරේ පැවැති උසස් පෙළ විභාගයේ ඉසෙඞ් ස්කෝර් අගයන් අවලංගු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය සම්බන්ධයෙන් කොළඹ අද (26) පැවැති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. එක්සත් ජාතික පක්ෂය කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමග නව ඉසෙඞ් අගයන් සකස් කළ සියලූ පාර්ශව එම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බවයි. ඔහු කියා සිටියේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් මෙන්ම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ද සිය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බවයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද කොළඹ අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවේදී එහි දේශපාලන මණ්ඩල සභික පළාත් සභා මන්ත‍්‍රී දුමින්ද නාගමුව ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
එමෙන්ම ගුරු සංගම් කිහිපයක එකතුවෙන් කොළඹ අද (26) පැවැති තවත් මාධ්‍ය හමුවකදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග ඊට අදාළ පාර්ශවයන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ වී තිබුණා. ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජොශ්ෆ් ස්ටාලින් කියා සිටියේ මෙවැනි නොසැලකිලිමත් කි‍්‍රයාමාර්ග තුළින් රජය නිදහස් අධ්‍යාපනය කඩා කප්පල් කිරීමට උත්සාහ කරන්නේ දැයි සැක මතු වන බවයි.
කෙසේ වෙතත් ගාල්ල - ඇල්පිටිය ආනන්ද මහා විද්‍යාලයේ අද (26) පැවැති උත්සවයකට එක්වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා අධ්‍යාපන අමාත්‍යාංශය ලබාදුන් ප‍්‍රතිඵලය නිවැරදි බව ප‍්‍රකාශ කළ බවයි.
