රට යුදමය තත්ත්වයක. - සිරියානු ජනපති.
2012 ජූනි 27 බදාදා- පෙරවරු 07:47
සිරියාව තුළ යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇති බව එරට ජනාධිපති බෂාර් අල් අසාද් පවසනවා. මේ නිසා ආණ්ඩුවට එරෙහිව යන සියලූ දෙනා විනාශ කරන ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇති බව සඳහන්. ඊයේ (26) දිනයේ දී පමණක් ආරක්ෂක අංශ සහ කැරළිකරුවන් අතර රට පුරා ඇති වූ ගැටුම්වලදී 116 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඔවුන්ගෙන් 68 දෙනෙකු සිවිල් වැසියන්. ආරක්ෂක අංශ සාමාජිකයන් 41 දෙනෙකු සහ කැරළිකරුවන් 7 දෙනෙකු ද මිය ගිය අය අතර වනවා. සිරියාවේ ගැටුම් ඇති වී මේ වන විට මාස 16ක් ගත වන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
