රිතේෂ්ගේ හිත වෙනස් වෙයි.
2012 ජූනි 29 සිකුරාදා- පෙරවරු 08:23
රිතේෂි දේශ්මුක්ට වෙනසක් ඕනවෙලා. රඟපාන්න ආපු දවසෙ ඉඳන් අද වෙනකම් ඔහුට වැඩිපුර ලැබුවේ විනෝදාත්මක චිත‍්‍රපටිවල. දැන් ඔහුට ඕනෙ හොඳ ආදර කථාවක හරි කි‍්‍රයාදාම චිත‍්‍රපටියක හරි රඟපාන්නලූ. ජුලි 27 දාට රිතේෂ්ගේ අලූත්ම චිත‍්‍රපටිය කෙයා සුපර් කූල් හේ හම් නිකුත් වෙනවා. ඒවාගේම අගෝස්තුවල මස්ති 2 චිත‍්‍රපටියේ රූගත කිරිම් පටන්ගන්නවා. මේ දෙකම විනෝදාත්මක චිත‍්‍රපටි. ඉතින් රිතේෂ් තීරණය කරලා මේ චිත‍්‍රපට දෙකෙන් පස්සේ ආපසු විනෝදාත්මක චිත‍්‍රපටිවලවත් වෙන කිසිම චිත‍්‍රපටවල දෙවැනි කොටසකවත් රඟපාන්නේ නෑ කියලා.
