චීනයට ඉරාන තෙල් ආනයනය කිරීමට අවසර.
2012 ජූනි 29 සිකුරාදා- පස්වරු 12:57
ඉරානයෙන් තෙල් ආනයනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් චීනයට මාස 06 ක සහන කාලයක් ලබා දී තිබෙනවා. ඉරානයට එරෙහිව පනවා ඇති ඇමරිකානු සම්බාධක යටතේ ඉරාන තෙල් මිලදී ගන්නා රටවලටද මූල්‍ය සම්බාධක කි‍්‍රයාත්මකයි. එහෙත් චීනයට සහ සිංගප්පූරුවටද ඉරාන තෙල් මිලදී ගැනීම සඳහා සහන කාලයක් ලබාදෙන බවයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප‍්‍රකාශ කළේ. ශී‍්‍ර ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට එවැනි සහනයක් ඇමරිකාව විසින් පසුගියදා ප‍්‍රකාශයට පත්කළා. චීනයද එම ලැයිස්තුවට ඇතුළත් කිරීමෙන් ඉරානයෙන් තෙල් මිලදී ගන්නා ප‍්‍රධානතම රටවල් 20 ම, මේ අනුව සම්බාධකවලින් නිදහස් වනවා. ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව සම්බාධක කි‍්‍රයාත්මක කරන්නේ එරට න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හිටුවන ලෙස බලපෑම් කරමින්. ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගනු ඇතැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සැකයෙන් පසුවීම ඊට හේතුවයි.
