ෆුකුෂිමා බලාගාරයට ජපාන වැසියන්ගේ විරෝධය.
2012 ජූලි 01 ඉරිදා- පස්වරු 06:47
ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය නැවත පණ ගැන්වීමට එරට රජය තීරණය කර තිබෙනවා. මේ වන විටත් ඊට අදාළ නව උපකරණ සහ ශ‍්‍රමික පිරිස් රැස් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් බලාගාරය අවට විශාල ජනතාවක් රැදී සිටිමින් ඊට විරෝධය පළ කරනවා. ඔවුන් සඳහන් කරන්නේ බලාගාරය නැවත එම ස්ථානයේ පිහිටුවීම නතර කරන ලෙසයි. කෙසේ වෙතත් පසුගිය මාසයේ ජපාන අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ නියත වශයෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය සක‍්‍රීය කරන බවයි. 2011 වසරේ මාර්තු මාසයේ ඇති වූ සුනාමි තත්ත්වයක් හේතුවෙන් න්‍යෂ්ටික බලාගාරයට දැඩි ලෙස හානි වුණා. ඒ හේතුවෙන් එහි විකිරණශීලී ද්‍රව්‍ය පිටතට පැමිණීමෙන් ප‍්‍රදේශයේ ජනතාව දැඩි ලෙස අපහසුතාවට පත්වුණා.
