සුළි කුණාටු මැද ඇමරිකාව උණුසුම්.
2012 ජූලි 02 සඳුදා- පස්වරු 12:33
ඇමරිකාවේ වොෂිංටන් ඇතුළු ප‍්‍රාන්ත හතරකට සුළි කුණාටු බලපෑම් ඇතිවද්දී එහි අනෙක් ප‍්‍රදේශවලට අධික උෂ්ණත්වයක් බලපා තිබෙනවා. සුළි කුණාටු බලපෑම් හේතුවෙන් වොෂිංටන්, මේරිලන්ඞ්, බටහිර වර්ජිනියා, වර්ජිනියා සහ ඔහායෝ යන ප‍්‍රාන්තවලට දැනටමත් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කර අවසන්. පුද්ගල මරණ 13ක් වාර්තා වී ඇති අතර, මිලියන 3කට තවමත් විදුලිබලය ලැබී නැහැ. මෙම ප‍්‍රාන්ත අවට ප‍්‍රාන්ත රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40යි දශම 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අධික උෂ්ණත්වය හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. මේ තත්ත්වය මඳක් හෝ අඩුවීමට සතියක පමණ කාලයක් ගතවනු ඇති බවයි ඇමරිකානු කාලගුණ අංශ ප‍්‍රකාශ කරන්නේ.
