කොටස් වෙළෙදපොළ පහළට.
2012 ජූලි 02 සඳුදා- පස්වරු 06:57
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද (02) නැවතත් අවගමනයක් පෙන්නුම් කළා. සමස්ත මිල දර්ශකය ඒකක 12 දශම 8 යි 4කින් පහත වැටී 4952යි දශම නවයයි තුනක් ලෙස සටහන් වූ අතර, මිලංකා දර්ශකය ඒකක 21කින් පහත වැටී 4404ක් ලෙස සටහන් වුණා. කොළඹ කොටස් වෙළඳපොලේ අද (02) දින මුළු පිරිවැටුම රුපියල් මිලියන 91යි දශම හයයි පහක් පමණයි. එය මේ වසරේ කොටස් වෙළඳපොලෙන් වාර්තා වූ අවම පිරිවැටුම ලෙස සැලකිය හැකියි. කොටස් වෙළඳපොල ඉතිහාසයේ අඩුම පිරිවැටුම 2009 වසරේ අපේ‍්‍රල් 30 වැනිදා වාර්තා වූ අතර, එය රුපියල් මිලියන 80 දශම 9ක්.
