මෝසම් වැසි ගැන ඉන්දියාවෙන් පර්යේෂණයක්.
2012 ජූලි 02 සඳුදා- පස්වරු 07:18
ඉන්දියාව ඩොලර් මිලියන 75ක් වැය කොට කාලගුණ පර්යේෂණ ව්‍යාපෘතියක් දියත් කිරීමට සැරසෙනවා. මෙහිදී නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය පිළිබදව පරීක්ෂණ සිදුකරනු ඇති. ආසියානු කලාපයේ කාලගුණ තත්ත්වය අධ්‍යයනය කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඉන්දියාවට ලැබෙන වැසිවලින් 80%ක් ලබා ගන්නේ නිරිතදිග මෝසම් වර්ෂාවෙන්. ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ නිරිතදිග මෝසම සක‍්‍රීයව පවතිනවා. කලට වැසි නොලැබීම හේතුවෙන් වගාවන්ට සිදුවන පාඩුව අවම කර ගැනීම මෙම පර්යේෂණයේ එක් අරමුණක්. ඉන්දියාව තුළ ගොවීන් මිලියන 235ක් ජීවත් වනවා.
