ශ‍්‍රී ලංකාව සහ පාකිස්තාන අතර සිව් වැනි දිනය අද.
2012 ජූලි 03 අඟහරුවාදා- පෙරවරු 08:12
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව් වැනි දිනය අදයි. තරගයේ තුන් වැනි දිනය වූ ඊයේ (02) දිනයේ දී ද වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය දිවා භෝජනයෙන් පසු අතරමග නවතා දැමීමට සිදුවුණා. ඒ වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 70ක්. කඩුල්ලේ රැදී සිටින තිලකරත්න ඩිල්ශාන් ලකුණු 46යි. කුමාර් සංගක්කාර ලකුණු 22යි. පාකිස්තානය සිය පළමු ඉනිම සඳහා කඩුලූ 06ක් දැවී ලකුණු 551ක් රැස් කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටවූ අතර ශ‍්‍රී ලංකාව මේ වන විට සිටින්නේ පාකිස්තානයට වඩා ලකුණු 481ක් පිටුපසින්.
