වී මෙට්ටි‍්‍රක් ටොන් එක්ලක්ෂ පහළොස් දහසක් මිලදී ගනියි.
2012 ජූලි 03 අඟහරුවාදා- පස්වරු 06:40
මාස් කන්නයේ අස්වැන්නෙන් රජය ගොවීන්ගෙන් වී මෙට්ටි‍්‍රක් ටොන් එක්ලක්ෂ පහළොස් දහසකට අධික සංඛ්‍යාවක් මිලදීගෙන තිබෙනවා. තවදුරටත් වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි වී අලෙවි මණ්ඩලය පවසන්නේ. මාස් කන්නයකදී ලැබුණු වැඩිම වී ප‍්‍රමාණයද මෙය වනවා. මේ වනවිට රජය සතුව ඇති මුළු වී ප‍්‍රමාණය ලක්ෂ දෙකකට ආසන්නයි. කෙසේ වෙතත් මේ මස අවසන් කාලය වනවිට යල කන්නයේද වී මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කරන්නේ. ඒ සඳහාද රජය සූදානමින් සිටිනවා. දිවයිනට බලපෑ වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් විවිධ ප‍්‍රදේශවල වී වගා කිරීම අවම වූවා. මේ හේතුව නිසා පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ සියයට 10 ක් පමණ කුඹුරු අත්හැර දමා තිබෙනවා. කලාවැව, අනුරාධපුර ආදී ප‍්‍රදේශවලද මෙම තත්ත්වය පවතින බවයි වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
