පාකිස්තානය, ඇෆ්ගනිස්ථානයට යන සැපයුම් මාර්ගය අරී.
2012 ජූලි 04 බදාදා- පෙරවරු 08:26
පාකිස්තානය හරහා ඇෆ්ගනිස්ථානයට දිවෙන නේටෝ සැපයුම් මාර්ග යළිත් විවෘත කිරීමට පාකිස්තාන බලධාරීන් තීරණය කර තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ දී මෙම සැපයුම් මාර්ගය පාකිස්තානය විසින් වසා දමා තිබුණේ නේටෝ ප‍්‍රහාරයකින් පාකිස්තාන සෙබලූන් 24 දෙනෙකු මිය යාමත් සමගයි. මේ සම්බන්ධයෙන් ඇමරිකාව, පාකිස්තානයෙන් සමාව ඉල්ලා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් පාකිස්තානයෙන් මෙලෙස සමාව ඉල්ලා ඇති බවයි. ඇෆ්ගනිස්ථානයේ සිටින නේටෝ සාමාජිකයන්ට ආහාර, ජලය සහ තෙල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහනය කරනු ලබන්නේ මෙම මාර්ගය ඔස්සේයි.
