මුල් මාස 05 ට බිලියන 70 ක් වැය කරලා.
2012 ජූලි 04 බදාදා- පස්වරු 12:52
මේ වසරේ මුල් මාස 05 ඇතුළත මෙරට ක්ෂේත‍්‍ර රැසක සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 70 ක මුදලක් වැයකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මහාමාර්ග, වාරිමාර්ග සහ බලශක්ති යන අංශ සඳහා මෙම මුදල් වැයකර ඇති බවයි. ඉන් රුපියල් බිලියන 50 ක මුදලක් වැයකර ඇත්තේ මහාමාර්ග සංවර්ධනය සඳහායී. ආසියානු සංවර්ධන බැංකුව, ජපානය සහ චීනය මෙරට සංවර්ධන කටයුතු සඳහා ආධාර ලබාදී ඇති රටවල්. රුපියල් බිලියන 11.3 ක මුදලක් අධිවේගී මාර්ග සඳහා වැයකොට අති අතර මග නැගුම, ගම නැගුම ව්‍යාපෘති යටතේ ග‍්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 4.5 ක මුදලක් වැයකර තිබෙනවා.
