ඇමතිවරුන්ගේ ඥාතීන්ට එ.ජා.ප. ලැයිස්තුවේ ඉඩක්.
2012 ජූලි 05 බ්‍රහස්පතින්දා- පෙරවරු 08:42
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (05) පක්ෂ මූලස්ථානයේදී පැවැතවෙනවා. ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන බවයි එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී ජයවික‍්‍රම පෙරේරා සඳහන් කළේ.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පළාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකත්වය නොලැබෙන මැති ඇමතිවරුන්ගේ ඥාතීන් සඳහා අපේක්ෂකත්වය ලබාදීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මැති ඇමතිවරුන්ගේ ඥාතීන් සඳහා අපේක්ෂකත්වය ලබා නොදීමට සිය මධ්‍යම කාරක සභාවේදී තීරණය කිරීමත් සමගමයි ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුවී ඇත්තේ. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අද පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කෙරෙන බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
