පුකුෂිමා න්‍යෂ්ටික අනතුර පිළිබඳ වාර්තාවක් එළිදැක්වේ.
2012 ජූලි 05 බ්‍රහස්පතින්දා- පස්වරු 12:48
පසුගිය 2011 වසරේ මාර්තු 11 වැනිදා ඇතිවූ සුනාමි රළ පහරත් සමග පිපිරුණු පුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අනතුර සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ වාර්තාවක් ජපාන පාර්ලිමේන්තුව අද එළිදක්වනවා. ඒ සම්බන්ධයෙන් දීර්ඝ කරුණු විමසීමක් සිදුකළ පාර්ලිමේන්තු කමිටුව අතුරු වාර්තාවක්ද පසුගිය දෙසැම්බර්යේ නිකුත් කළා. එමගින් චෝදනා කළේ සුනාමි රළ පහරින් පසු සිදුවූ න්‍යෂ්ටික අනතුරේ හානිය අවම කරලීමට එරට බලධාරීන් අපොහොසත් වූ බවටයි. ඊසාන දිග ජපානයට බලපෑ භූ කම්පනයෙන් සහ සුනාමි රළ පහරින් 20000 කට අධික පිරිසක් මියගිය අතර න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීම නිසාද දස දහස් ගණන් ඉවත්කරගැනීමට සිදුවුණා. බලාගාරයේ ප‍්‍රතික‍්‍රියාකාරක 6 න් පළමුවැන්න නැවත ක‍්‍රියාත්මක කිරීම අද සිදුවනවා. එහෙත් ඒ පිළිබඳව ජපාන වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවන බව සඳහන්.
