කාන්තාවක් මරා දැමූ පුද්ගලයෙකුට මරණ දඩුවම.
2012 ජූලි 05 බ්‍රහස්පතින්දා- පස්වරු 01:24
වරකාපොළ - මාහේන ප‍්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවෙකුට කෑගල්ල පළාත්බද මහාධිකරණය විසින් අද (05) මරණ දඩුවම නියම කළා. පළාත්බද මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙලෙස දඩුවම් නියම කළේ හසලක ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි. 2002 වසරේ අගෝස්තු මාසයේදී ඔහු විසින් වරකාපොළ - මාහේන ප‍්‍රදේශයේ පදිංචි එම කාන්තාව සිය නිවස තුළදී ගෙළ සිරකර ඝාතනය කර තිබුණා. සංචාරක වෙළඳාමේ නිරතවන පුද්ගලයෙකු ලෙස පැමිණ මොහු මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණේ. මීට පෙර සැකකරුට එරෙහිව මිනීමැරුම් චෝදනා 11 කට ආසන්න ප‍්‍රමාණයක් ඇති බවට මියගිය කාන්තාව වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා.
