සිරියාවට රාජතාන්ත‍්‍රික විසඳුමක්.
2012 ජූලි 07 සෙනසුරාදා- පෙරවරු 07:51
සිරියාවේ දේශපාලන විසඳුමකට ඉඩ සලසමින් එහි සිටින ජගත් සංවිධාන නිරීක්ෂකයන්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීමට ජගත් සංවිධානය තීරණය කර තිබෙනවා. මහලේකම් බෑන් කී මූන් මේ බව ප‍්‍රකාශ කළේ ජගත් සංවිධානයේ මැදිහත්වීමෙන් සිරියාවේ කි‍්‍රයාත්මක වන සටන් විරාමය නිසි ලෙස කි‍්‍රයාත්මක නොවීම නිසයි. ජගත් ආරක්ෂක මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන මහලේකම් බෑන් කී මූන් සටන් විරාමය නිරීක්ෂණයට වඩා සිරියාවේ දේශපාලන විසඳුමක් ඇති කරලීම පිළිබද අවධානය යොමු කළ යුතු බව ප‍්‍රකාශ කර තිබෙනවා. පසුගිය අපේ‍්‍රල් මාසයේ සිරියාවේ ඇති වූ සටන් විරාමය නිරීක්ෂණය කිරීම සදහා 300 දෙනෙකුගෙන් සමන්විත ජගත් සංවිධාන නිරීක්ෂකයින් පිරිසක් එහි රදවා තිබෙනවා. ඔවුන්ගේ කාලසීමාව දීර්ඝ කරන්නේ ද යන්න පිළිබද ඡුන්ද විමසීමක් ජූලි 18 වැනිදා ජගත් සංවිධාන ආරක්ෂක මණ්ඩලයේ දී පැවැත්වීමට නියමිතයි.
