ග‍්‍රීක ආයෝජනයෙන් මහ බැංකුවට රු. කෝටි 150 ක පාඩුවක්.
2012 ජූලි 07 සෙනසුරාදා- පස්වරු 12:36
මූල්‍යමය වශයෙන් බංකොලොත්භාවයට පත්වී ඇති යුරෝපීය රටක් වන ග‍්‍රීසියේ බැඳුම්කරවල සිදුකළ ආයෝජන නිසා ශ‍්‍රී ලංකා මහ බැංකුවට යුරෝ මිලියන 8.4ක මුදලක් එනම් රුපියල් බිලියන 1.5ක් අහිමි වී තිබෙනවා. මහබැංකුව එම ආයෝජන සිදුකර ඇත්තේ 2011 වසරේ දීයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කමිටුව හමුවේ ඊයේ මේ බව හෙළිදරව් වූයේ විපක්ෂ මන්ත‍්‍රීවරුන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලෙසයි. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ග‍්‍රීක බැදුම්කරවල කොපමණ මුදලක් ආයෝජන කර තිබේ ද යන්නයි එහිදි විපක්ෂය විමසා සිටියේ. මේ පිළිබදව මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න කෙරුණු අතර, මහ බැංකුවේ ආයෝජන සියල්ල හෙළිදරව් කළ නොහැකි බව එහිදී ප‍්‍රකාශ වුණා. එහෙත් ඊයේ (06) පැවැති කෝප් කමිටු රැස්වීමට පැමිණි මහබැංකු අධිපතිවරයා ග‍්‍රීක බැඳුම්කරවල ආයෝජනයෙන් ශ‍්‍රී ලංකාවට රුපියල් බිලියන 1.5ක් අහිමි වූ බව පිළිගෙන තිබෙනවා.
