තුන්වන ටෙස්ට් තරඟයට වර්ෂාවෙන් බාධා.
2012 ජූලි 09 සඳුදා- පස්වරු 12:53
සංචාරක පාකිස්ථානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවත්වෙන තෙවන සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරඟයේ දෙවන දිනය වන අද දිනය වර්ෂාව හේතුවෙන් මෙතෙක් ආරම්භ වූයේ නැහැ. ඊයේ රාත‍්‍රියේ සහ අද උදෑසන ක‍්‍රීඩාංගණයට සහ ඒ අවට ප‍්‍රදේශවලට ඇද හැලූණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙතෙක් තරඟය ආරම්භ කිරීමට නොහැකිවී ඇති බවයි තරඟය පැවැත්වෙන පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කළේ. තරඟයේ පළමු දිනය වන ඊයේ දිනයේ දිනය නිමාවනවිට සිය පලමු ඉනිම ක‍්‍රීඩා කරමින් සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 44 ක් ලබා සිටියා. පාකිස්ථානු කණ්ඩායම සියලූදෙනා දැවී සිය පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 226 ක් පමණයි.
