ජවිපෙ අනුර දිසානායක එජාපයට.
2012 ජූලි 09 සඳුදා- පස්වරු 06:41
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු උතුරුමැද පළාත් සභා මන්ත‍්‍රී අනුර දිසානායක මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කය සඳහා තරග කිරීමට තීරණය කර තිබෙනවා. පසුගිය උතුරුමැද පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ එකම මන්ත‍්‍රීවරයා වන්නේ ද මොහුයි. හිරු ප‍්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් අනුර දිසානායක හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ තුළ ඇති වී තිබෙන බෙදීම් නිසා කළකිරිමෙන් මෙවැනි තීරණයක් ගත් බවයි.
