දකුණට ටොනේඩෝ ?
2012 ජූලි 09 සඳුදා- පස්වරු 07:12
මේ දිනවල දිවයිනට බලපාන නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය සමග බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්. කාරියවසම් සඳහන් කළේ වැසි සමග ඇති වන තද සුළං සමග ඇතැම් විට ටොනේඩෝ තත්ත්වයක් ද ඇති විය හැකි බවයි.
මේ අතර, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් සහ කැනියන් ජලාශයේ වාන් දොරටු 1ක් ද විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නුවරඑළිය දිස්ත‍්‍රික් සම්බන්ධීකාර එරන්දන හේමවර්ධන කියා සිටියා.
