බස් මගීන්ගේ අයිතීන් සුරක්ෂිත කර නැහැලූ.
2012 ජූලි 10 අඟහරුවාදා- පෙරවරු 08:16
ජාතික ගමනාගමන කොමිෂම් සභාව පෞද්ගලික බස් රථ මගීන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට පියවර ගෙන නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති මේ බව සඳහන් කළේ ජාතික ගමනාගමන කොමිෂම් සභාව විසින් පසුගිය මාස 6 ඇතුළත පැමිණිලි 3104ක් පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් ලැබී ඇති බවට නිකුත් කළ මාධ්‍ය නිවේදනයට ප‍්‍රතිචාර දක්වමින්. නිවේදනයක් නිකුත් කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ පෞද්ගලික බස් කර්මාන්තයේ පැවැත්ම සහ මගී ජනතාවට ගුණාත්මක සේවයක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සිය සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් ලබන සතියේ දී පවත්වන බවයි.
