නෝර්වේ රජය හදිසි නීතිය යොදා තෙල් සේවක වර්ජනය නවතයි.
2012 ජූලි 10 අඟහරුවාදා- පෙරවරු 11:05
නෝර්වේ හි මුහුදු තීරයන්හි ඛනිජ තෙල් නිෂ්පාදනයේ නිරත සේවකයින් දින 16ක් තිස්සේ පවත්වාගෙන ගිය වර්ජනය නතර කිරීමට එරට රජය විසින් හදිසි නීතිය යොදාගෙන තිබෙනවා. සිය ආර්ථිකයේ අත්‍යවශ්‍ය අංගයක් වන තෙල් නිෂ්පාදනය රැක ගැනීම සඳහා එම පියවර ගත් බවයි නෝර්වේ කම්කරු අමාත්‍යවරිය ප‍්‍රකාශ කළේ. තෙල් සේවකයන් වර්ජනය ආරම්භ කළේ සිය විශ‍්‍රාම වැටුප් අයිතීන් පිළිබද ගැටළුවක් මුල් කරගෙනයි. ඒ සඳහා ජාතික වැටුප් මණ්ඩලය හරහා රජයේ අභිමතය පරිදි විසදුමක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ. හදිසි නීතිය යටතේ එම විසදුම නෝර්වේ තෙල් සේවකයින් විසින් පිළිගත යුතු වනවා. ඒ අනුව අද සිට නෝර්වේ හි තෙල් නිෂ්පාදනය යළි ආරම්භ වනු ඇතැයි අපේක්ෂිතයි.
