සිරියාවට නව ප‍්‍රවේශයක්.
2012 ජූලි 10 අඟහරුවාදා- පස්වරු 12:45
සිරියානු අර්බුදය විසදීම සඳහා නව ප‍්‍රවේශයක් අවශ්‍ය බව ජගත් සංවිධාන විශේෂ නියෝජිත කොෆි අන්නන් ප‍්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඒ සඳහා සිරියානු රජයේ මෙන්ම කැරළිකරුවන්ගේ ද කැප කිරීම අත්‍යවශ්‍ය බවයි. සිරියාවේ ගැටුම් සමථයකට පත් කිරීමට ලෝක බලවතුන් දැරූ සියලූ උත්සාහයන් මේ වන විට ව්‍යර්ථ වී තිබෙනවා. එම තත්ත්වය සැලකිල්ලට ගෙනයි කොෆි අන්නන් මෙම කරුණු අනාවරණය කර ඇත්තේ. මාස 16ක් පුරා සිරියාවේ පැවැති ගැටුම් හේතුවෙන් මිය ගිය පිරිස 17,000කට අධික බව එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තා ප‍්‍රකාශ කරනවා.
