ජගත් අය - වැය කමිටුවට පාලිත කොහොන.
2012 ජූලි 10 අඟහරුවාදා- පස්වරු 12:47
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අය වැය කමිටුව සඳහා ජගත් සංවිධාන මූලස්ථානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන පත් කිරීමට නියමිත බව නිව්යෝක් වාර්තා සඳහන් කළා. ජගත් සංවිධානයේ ආසියානු කණ්ඩායම විසින් ආචාර්ය පාලිත කොහොන ඒ සඳහා යෝජනා කිරීමට නියමිත බව හෙළි කර ඇත්තේ ඉනර් - සිටි - ප්‍රෙස් වෙබ් අඩවියයි. එය ජගත් සංවිධාන මාධ්‍ය ආවරණවලදී නිරන්තරයෙන්ම ශ‍්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන බව ප‍්‍රසිද්ධ කරුණක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අය වැය කමිටුව සඳහා ආචාර්ය කොහොන නම් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට ආසියානු කණ්ඩායමේ සහාය ලැබෙන බවයි එමගින් ප‍්‍රකාශ කළේ. මීට පෙර එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පිළිබද කමිටුව සඳහා ජගත් සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නම් කළේ ද එහි ආසියානු කණ්ඩායම විසින්.
