දිවයින පුරා හෙද හෙදියන් 24,000 ක හිඟයක්.
2012 ජූලි 10 අඟහරුවාදා- පස්වරු 06:33
රජයේ රෝහල් පද්ධතියේ විසිහතර දහසක හෙද හෙදියන්ගේ හිඟයක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එහි සභාපති එස්.බී.මැදිවත්ත කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ පුහුණු හෙද හෙදියන් යම් කිසි සංඛ්‍යාවක් හෝ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට එක්වීමට නියමිතව ඇත්තේ තවත් වසර දෙකකින් බවයි.
මේ අතර, ලබන 29 වැනිදා පළමුවන ශ්‍රේණියේ හෙද හෙදියන් දෙවන ශ්‍රේණියට උසස් කිරීමේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ විභාගයක් පැවැත්වෙන අතර මෙතෙක් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හෙද හෙදියන් විධිමත් ආකාරයෙන් දැනුවත් කර නොමැති බවද ඔහු ප‍්‍රකාශ කළා. මෙම කඩඉම් පරීක්ෂණ විභාගය හෙද ක්‍ෂෙත‍්‍රයේ අයිතීන් කප්පාදු කිරීමේ උත්සාහයක් බවයි සමස්ත ලංකා හෙද සංගමයේ සභාපතිවරයා චෝදනා කර සිටියේ.
