තංගල්ලේ ළමා අපරාදේ සැකකරුවන් 02 ක් හඳුනා ගැනේ.
2012 ජූලි 10 අඟහරුවාදා- පස්වරු 06:38
13 හැවිරිදි පාසල් දැරියක් තංගල්ල නගරයේදී හෝටලයක් තුළ ඳුෂණය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අද එම දැරිය විසින් අධිකරණයේදී හඳුනා ගත්තා. ඒ, එම සැකකරුවන් තංගල්ල මහේස්ත‍්‍රාත්වරිය වන ටී.යූ. ද සිල්වා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. අද (10) දිනයේදී සැකකරුවන් තිදෙනෙකු හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා ඉදිරිපත් කළා. හඳුනා ගැනුණු සැකකරුවන් දෙදෙනා තංගල්ල ප‍්‍රදේශයේ ප‍්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනෙක්. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 13 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළා. ඔවුන් මේ මස 17 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළේ. මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට අවශ්‍යව සිටි තවත් ව්‍යාපාරිකයෙක් සහ ඔහුගේ පුත‍්‍රයෙකු අද නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වුණා.
