තරංගයි, තිසරයි 75 යි.
2012 ජූලි 10 අඟහරුවාදා- පස්වරු 07:03
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමා වනවිට පාකිස්තාන කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 27 ක් ලබා සිටියා. ශී‍්‍ර ලංකා කණ්ඩායම අද දිනයේ සිය පළමු ඉනිම අවසන් කළේ සියලූ දෙනා දැවී ලකුණු 337 ක් ලබා සිටියදීයි. එහිදී ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් තරංග පරණවිතාන සහ තිසර පෙරේරා ලකුණු 75 බැගින් ලබාගත් අතර තිලාන් සමරවීර ලකුණු 73 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ජුනයිඞ් ඛාන් ලකුණු 70 කට කඩුළු 05 ක් දවා ගැනීමට සමත් වුණා. පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 226 ක් ලබාගත් අතර, මේ වනවිට පාකිස්තාන කණ්ඩායම ශී‍්‍ර ලංකා කණ්ඩායමට වඩා ලකුණු 84 ක් පසුපසින් සිටිනවා.
