කොෆි අන්නන් ඉරාකයෙන් සහ ඉරානයෙන් සහාය ඉල්ලයි.
2012 ජූලි 11 බදාදා- පෙරවරු 07:30
සිරියාව තුළ දැනට උද්ගතව ඇති තත්ත්වය කඩිනමින් නිරාකරණය කිරීම සඳහා ජගත් සංවිධාන විශේෂ නියෝජිත කොෆි අන්නන් ඉරාකයෙන් සහ ඉරානයෙන් සහාය ඉල්ලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් දෙරටේ නියෝජිතයන් සමග දැනටමත් කොෆි අන්නන් සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන්. සිරියාව තුළ උද්ගතව ඇති තත්ත්වය කලාපයේ අනෙකුත් රටවල්වලට ව්‍යාප්ත වීම වැළැක්වීම මෙම සාකච්ඡාවල අරමුණයි. ඉරාකය සහ ඉරානය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ මිත‍්‍ර රටවල්. 2011 වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා සිරියාවේ පවතින ගැටුම්වලින් පුද්ගලයින් 17,000ක් මිය ගොස් තිබෙනවා.
