ප‍්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් නොවේ.
2012 ජූලි 11 බදාදා- පස්වරු 12:29
ප‍්‍රතිපත්ති පොලී අනුපාතිකයන් තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීට ශී‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඊයේ රැස්වු මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි මහ බැංකුව නිවේදනය කළේ. ඒ අනුව මෙතෙක් පැවති ප‍්‍රතිමිලදී ගැණුම් අනුපාතය 7.75% ක මට්ටමක සහ ප‍්‍රතිවිකුණුම් අනුපාතය 9.75% ක් ලෙස තවදුරටත් එලෙසම පවතිනු ඇති. දැනට වෙළඳපොලේ පවතින ආර්ථික තත්ත්වයන් සලකා තවදුරටත් ප‍්‍රතිපත්ති පොළී අනුපාතිකයන් නොවෙනස්ව තබා ගැනීමට තීරණය කළ බවද ශී‍්‍ර ලංකා මහ බැංකුව සඳහන් කළා.
