වංචනික ලෙස සහල් මිල ඉහළ දැමීමට වැට බැඳේ.
2012 ජූලි 12 බ්‍රහස්පතින්දා- පස්වරු 12:44
වංචනික ලෙස වෙළඳ පොළේ සහල් මිල ඉහළ දැමීම පාලනය කිරීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කර තිබෙනවා. දැනට වී අලෙවි මණ්ඩලය සතුව පවතින සහල් තොග ස.තො.ස වෙත ලබාදීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කරන්නේ. එම ආයතනය හරහා ජනතාවට අඩු මිලට සහල් ලබාදීම මෙහි අරමුණ වී තිබෙනවා. දැනට වෙළඳපොලේ නාඩු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 60 කටයි. සම්බා කිලෝවක් මිල වන්නේ රුපියල් 70 ක්. ඒ අනුව ඊට අඩු මිලකට ඉදිරියේදී සතොස මගින් මෙම සහල් වර්ග මිලදීගැනීමේ හැකියාව පවතින බවයි වී අලෙවි මණ්ඩලය පවසන්නේ.
