ආසියාන් සමුළුව ඇරඹේ.
2012 ජූලි 12 බ්‍රහස්පතින්දා- පස්වරු 12:46
ආසියාන් සමුළුව කාම්බෝජයේදී අද ආරම්භ වුණා. මෙහිදී ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ චීනයේ විදේශ කටයුතු අමාත්‍ය යෑන් ජි ජි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. චීනය සහ ජපානය අතර පවතින ගැටලූ සම්බන්ධයෙන් මෙහිදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය විසින් චීනයේ විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමට නියමිතයි. කෙසේ වෙතත් විදෙස් වාර්තා පවසන්නේ තම බලය ආසියාව තුළ තහවුරු කිරීම ඇමරිකාව සඳහා ඇමරිකාව චීනයට බලපෑම් කරමින් සිටින බවයි. මෙවර ආසියාන් සමුළුව නියෝජනය කරමින් රටවල් 10 ක් ඊට සහභාගි වනවා. එහිදී සාමාජික රටවල බලපාන කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
