සෝනක්ෂිගේ නැටුම.
2012 ජූලි 13 සිකුරාදා- පෙරවරු 08:42
කරන කරන හැම චිත‍්‍රපටියක්ම අති සාර්ථක වෙන හින්දා දැන් හැමෝටම සෝනක්ෂි සිංව නැතිවම බැරි වෙලා. ඕ මයි ගෝඞ් කියන්නෙ අලූත් චිත‍්‍රපටියක්. මේකේ තේමා ගීතයට අධ්‍යක්ෂකවරයා සෝනක්ෂිවයි, ප‍්‍රභූදේවවයි අරන් තියෙනවා. මේ ගීතය ටිකක් අතපය විසිකරල නටන්න ඕන සිංදුවක්. ප‍්‍රභූනම් නටන්න උපන් හපන් කෙනෙක්නෙ. ඒත් සෝනක්ෂි නටපු නැටුම ඉවර වුණේ වැටිල බෙල්ලත් උලූක් කරගෙනයි. හැබැයි ඒ ගැනත් එක එක කතා පැතිරෙනවා. සමහරු කියන්නේ ෂූටින් පටන් ගන්න කලින් ප‍්‍රභූදේව සෝනක්ෂිට මත්වෙන කෑමක් දීලා ඒ නිසා ඇය වැටුණ කියලා. හැබැයි ඒ වැඬේ කරල තියෙන්නේ නම් විහිලූවට.
