ජගත් සංවිධාන හමුදාවලින් කොංගෝවේ ප‍්‍රහාරයක්.
2012 ජූලි 13 සිකුරාදා- පෙරවරු 10:57
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ කොංගෝ ජනරජයේ ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා නැගෙනහිර කොංගෝවේ සන්නද්ධ කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් ඊයේ ප‍්‍රහාරයක් එල්ල කළා. එම්. 23 නම් වූ ගරිල්ලා කණ්ඩායමයි ඔවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය වූයේ. රුවන්ඩා දේශ සීමාවේ ගෝමා නගරය කේන්ද්‍ර කර ගනිමින් එම ප‍්‍රහාරය දියත් කෙරුණු බවයි වාර්තා වන්නේ. මෙම සන්නද්ධ කැරලිකරුවන් විසින් පසුගිය සතියේදී උගන්ඩා දේශ සීමාවේ පිහිටි ජගත් සංවිධාන කඳවුරක් අත්පත් කර ගත්තේ සාම සාධක භටයෙකු මරුමුවට පත් කරමින්. පසුව, ජගත් සංවිධාන කඳවුර එම ස්ථානයෙන් ඉවත් කර ගැණුනා.
