සංගා එකට - ශ‍්‍රී ලංකාව එතනම.
2012 ජූලි 14 සෙනසුරාදා- පස්වරු 12:37
පාකිස්තානය සමග පැවැති ටෙස්ට් තරගාවලියේ දී පිත්තෙන් දස්කම් දැක්වූ ශ‍්‍රී ලංකා පිළේ කුමාර් සංගක්කාර අන්තර් ජාතික කි‍්‍රකට් සම්මේලන පිතිකරු දර්ශකයේ ප‍්‍රමුඛස්ථානය තහවුරු කරගෙන තිබෙනවා. පාකිස්තානයට එරෙහිව සංගක්කාර ලකුණු 480ක් රැස් කර ගත් අතර, තරගාවලියේ වීරයා වූයේ ද ඔහුයි. පාකිස්තාන තරගාවලිය ආරම්භවීමට පෙර ටෙස්ට් පිතිකරු දර්ශකයේ අංක එකේ ස්ථානයේ පසුවූයේ බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩක ශිවනරීන් චන්ද්‍රපෝල්. තරගාවලිය අවසානයේ දී සංගක්කාර ඔහු අභිබවා ප‍්‍රසාද ලකුණු 36කින් ඉදිරියට පැමිණියේ අංක එකේ ස්ථානය තහවුරු කර ගනිමින්. කෙසේ නමුත් මුත්තයියා මුරලිදරන් ක‍්‍රීඩා පිටියෙන් සමු ගැනීමෙන් පසු ශ‍්‍රී ලංකාව තුළ පළමු ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණය වාර්තා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය තවමත් වෙනස් වී නැහැ. අන්තර් ජාතික ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ මේ අනුව ශ‍්‍රී ලංකාව තවදුරටත් 6 වැනි ස්ථානයේ පසුවන්නේ ප‍්‍රසාද ලකුණු 103ක් හිමි කර ගනිමින්. 5 වැනි ස්ථානයේ රැදී සිටින්නේ ප‍්‍රසාද ලකුණු 105ක් ලබා ගත් පාකිස්තානයයි. තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගත්තේ නම් පාකිස්තානය අභිබවා 5 වැනි ස්ථානය හිමි කර ගැනීමට ශ‍්‍රී ලංකා පිළට අවස්ථාවක් පැවතුණා.
