වසර 50කට පසු ඇමරිකානු නෞකාවක් කියුබාවට.
2012 ජූලි 14 සෙනසුරාදා- පස්වරු 12:41
වසර 50කට පසු ප‍්‍රථම වරට ඇමරිකානු භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක් මයාමි ප‍්‍රදේශයේ සිට ඊයේ කියුබාවට පැමිණියා. ආහාර සහ ඖෂධ ඇතුළු මානුෂීය ආධාර එමගින් රැුගෙන ආ බවයි හවානා නුවරින් ලැබෙන වාර්තා සඳහන් කළේ. මයාමි ප‍්‍රදේශයේ වෙසෙන කියුබානු සම්භවයක් සහිත ජන කොටස වෙතින් ලැබෙන සහනාධාර ඉදිරියේ දී මෙලෙස සතිපතා කියුබාව වෙත රැුගෙන යාමට සැලසුම් කර තිබෙනවා. කොමියුනිස්ට් කියුබාවට එරෙහිව ඇමරිකානු සම්බාධක කි‍්‍රයාත්මක වන්නේ 1962 වසරේ සිටයි. එලෙස කියුබාවට එරෙහි ආර්ථික තහංචි පනවනු ලැබුවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි විසින්. එහෙත් ජනාධිපති බැරක් ඔබාමා 2009 වසරේ දී කියුබාවට එරෙහි ඇමරිකානු සම්බාධක ලිහිල් කරනු ලැබුවා. මයාමි සහ හවානා අතර නෞකා ගමනාගමනය ස්ථාපිත කිරීම ජනාධිපති ඔබාමා නොවැම්බරයේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ගනු ලැබූ පියවරක් ලෙස ඇතැමුන් හඳුන්වනවා.
