සිරියාවේ සිවිල් යුද්ධයක් - රතු කුරුසය කියයි.
2012 ජූලි 16 සඳුදා- පස්වරු 12:53
සිරියාව තුළ සිවිල් යුද්ධයක් පවතින බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසනවා. සිරියාවේ ඩමස්කස් නුවර ඊයේ සහ පෙරේදා පැවති ගැටුම් හේතුවෙන් විශාල පිරිසක් මියයාමත් සමගයි ජාත්‍යන්තර රතු කුරුසය මේ බව ප‍්‍රකාශ කළේ. ගැටුම් උත්සන්න වීමත් සමග සිරියාව සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා ජගත් සංවිධාන විශේෂ සාම නියෝජිත කොෆී අනන් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොෆ් හමුවුණා. ඒ සිරියාවට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ගයක් සඳහා රුසියාවේ සහය ලබාගැනීමටයි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සිරියාව තුළ සිවිල් යුද්ධයක් ප‍්‍රකාශයට පත් කිරීමත් සමග එරට ආරක්ෂක හමුදාව සහ විපක්ෂ ක‍්‍රියාකාරිකයින් යුද අපරාධ සිදුකරන්නන් බවට පත්වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ වනවිට සිරියාවේ ප‍්‍රදේශ 3 ක් යුද කලාප ලෙස ජාත්‍යන්තර රතු කුරුසය විසින් නම් කර තිබෙනවා.
