දකුණු මුහුදේත් ළඟදීම තෙල් කැණීම්.
2012 ජූලි 17 අඟහරුවාදා- පස්වරු 01:00
මන්නාරම් ද්‍රෝණියේ සිදුකෙරෙන ඛනිජ තෙල් කැණීම් තවදුරටත් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් සංවර්ධන කාර්යාංශය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් සාලිය වික‍්‍රමසිංහ සඳහන් කළේ පසුගිය දා ජනාධිපති ලේකම්වරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බවයි. මුලතිව් සිට ගාල්ල දක්වා මුහුදු තීරය තුළ තවදුරටත් කැණීම් ව්‍යාප්ත කිරීමට එහිදී තීරණය කර ඇති බව සඳහන්. 2013 වසරේ මැද භාගය වන විට තවත් තෙල් ගවේෂණ මුහුදු තීර 10ක් කැණීම් සඳහා ලබාදීමට ද ඉලක්ක කර තිබෙනවා.
