මල් කැකුළු වන් දරුවන් රැකගන්න - ජනපති.
2012 ජූලි 17 අඟහරුවාදා- පස්වරු 06:34
රජය සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවල සැබෑ ප‍්‍රතිලාභ අත්කරගැනීමට නම් මෙරට දරුවන් අරක්ෂා කරගැනීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ උත්සවයකට අරලියගහ මන්දිරයේදී අද (17) එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සඳහා දෙමාපියන් මෙන්ම සමාජයේ සියලූදෙනාගේම සහයෝගය අවශ්‍ය බවයි.
මෙරට ස්වයංපෝෂිත ආර්ථික ක‍්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා රජය මේ වනවිටත් වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
