ගැටළු විසඳෙයි. - ක‍්‍රීඩකයින් සහ කි‍්‍රකට් ආයතන ගිවිසුම්ගතවීම අද.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
බස් වර්ජනය.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-22
ගැටළු විසඳෙයි. - ක‍්‍රීඩකයින් සහ කි‍්‍රකට් ආයතන ගිවිසුම්ගතවීම අද.
2012 ජූලි 18 බදාදා- පෙරවරු 07:30

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින් සහ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සමග පැවැති ගැටළුසහගත තත්ත්වය මේ වන විට පහව ගොස් තිබෙනවා. එළඹෙන වසරක කාලය සඳහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සමග ක‍්‍රීඩකයින් ගිවිසුම්ගතවීම අද (18) සිදුකෙරෙන බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත ප‍්‍රකාශ කර ඇත්තේ. ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ට ලැබිය යුතු තරග ගාස්තු නොලැබුණහොත් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියට ක‍්‍රීඩා නොකිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පසුගිය සඳුදා ප‍්‍රකාශ කර තිබුණා. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සහ ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයින් අතර, අත්සන් කර ඇති ගිවිසුම් නිසි පරිදි කි‍්‍රයාත්මක නොවීම මීට තවත් හේතුවක් බවයි. සාමාන්‍යයෙන් මාර්තු මාසය වන විට වසරේ කොන්ත‍්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබුණ ද මේ දක්වා නව වසර සඳහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සහ ක‍්‍රීඩකයින් ගිවිසුම්වලට එළඹ නොමැති බව ද මහේල කියා සිටියා. පසුගිය පාකිස්තාන සංචාරය සඳහා ද තම ක‍්‍රීඩකයින් ක‍්‍රීඩා කළේ ගිවිසුම් අත්සන් කිරීමකින් තොරව බව ද මහේල පෙන්වා දෙනවා. එමෙන්ම ක‍්‍රීඩකයින්ට මේ වසරේ මුල් කාර්තුව සඳහා මෙතෙක් වැටුප් ගෙවා නොමැති බවයිමහේල කියා සිටියේ.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)