මුස්ලිම් කොංග‍්‍රසය නැගෙනහිරට තනිව එයි.
2012 ජූලි 18 බදාදා- පස්වරු 12:35
ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය නැගෙනහිර පළාත් සභාව සඳහා තනිව තරග කිරීමට තීරණය කර තිබෙනවා. පක්ෂ නායක අමාත්‍ය රාවුෆ් හකීම් කියා සිටියේ උතුරු මැද සහ සබරගමුව පළාත් සභාවලට ආණ්ඩුව සමග එක්ව තරග වැදීමට අද (18) පෙරවරුවේ පැවති උත්තරීතර මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බවයි. ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයට සහ අම්පාර දිස්ති‍්‍රක්කයට සන්ධාන ලැයිස්තුවේ ලබාදෙන අපේක්ෂක ධුර ගණන පිළිබඳව ඇතිවු ගැටළුව මෙලෙස මුස්ලිම් කොංග‍්‍රසය නැගෙනහිරට තනිව තරග කිරීමට හේතු වී තිබෙනවා. සන්ධානය සහ මුස්ලිම් කොංග‍්‍රසය අතර ඇතිකරගත් එකඟතාවය අනුව ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයෙන් අපේක්ෂක ධුර 03 ක්ද, අම්පාර දිස්ති‍්‍රක්කයෙන් අපේක්ෂක ධුර 06 ක්ද මුස්ලිම් කොංග‍්‍රසය වෙත ලබාදීමට නියමිතව තිබුණා. එහෙත් සන්ධානයෙන් තරග කරන තවත් පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණද අපේක්ෂක ධුර ඉල්ලා සිටීම මගින් මුස්ලිම් කොංග‍්‍රසයට ලබාදීමට නියමිතව තිබූ අපේක්ෂක ධුර අඩුකිරීමටයි සැලසුම් කර තිබුණේ. එම තත්ත්වයත් සමගයි මුස්ලිම් කොංග‍්‍රසය නැගෙනහිරට තනිව තරග කිරීමට තීරණය කර ඇත්තේ.
