සන්ධාන ලැයිස්තුවල මැති ඇමති ඥාතීන් රැසක්.
2012 ජූලි 18 බදාදා- පස්වරු 12:36
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාමයෝජනා භාර දුන් කෑගල්ල සහ රත්නපුර දිස්ති‍්‍රක්කයන්හි අපේක්ෂක ලැයිස්තුවල මැති ඇමතිවරුන්ගේ සමීපතම ඥාතීන් ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. මින් වැඩිම ඥාතීන් පිරිසක් නියෝජනය වන්නේ කෑගල්ල දිස්ති‍්‍රක්කයටයි. එහි අපේක්ෂකයන් 21 දෙනා අතරින් 07 දෙනෙකු මැති ඇමතිවරුන්ගේ ඥාතීන් වනවා. ඒ අතර, අමාත්‍ය එච්.ආර්. මිත‍්‍රපාල, ජගත් බාලසූරිය සහ නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායකගේ පුතණුවන්ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර වයි.ජී. පත්මසිරිගේ දියණියද මීට අයත්. එමෙන්ම, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්නගේ පුතා සහ බෑණාද, අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ඥාති සොහොයුරෙක්ද කෑගල්ල දිස්ති‍්‍රක්කය සඳහා නාමයෝජනා ලබාදී තිබෙනවා. රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් අමාත්‍ය ජෝන් සෙනෙවිරත්නගේ බෑණනුවන්ද, අමාත්‍ය පවිත‍්‍රා දේවී වන්නිආරච්චිගේ සැමියාද සන්ධාන ලැයිස්තුවෙන් නාමයෝජනා ලබාදී තිබෙනවා. එමෙන්ම, නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ගුණසේකරගේ මස්සිනාද සන්ධාන ලැයිස්තුවේ සෙසු සාමාජිකයින්.
කෙසේ වෙතත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගියදා තීරණය කළේ දැනට අමාත්‍ය ධුර සහ මන්තී‍්‍ර ධුර දරන කිසිවෙකුගේ සමීප ඥාතීන්ට මෙවර පළාත් සභා මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමටයි. එහෙත් මෙතෙක් පළාත් සභාව නියෝජනය කරන එවැනි පුද්ගලයන්ට ඒ සඳහා බාධාවක් නොමැති බවද මධ්‍යම කාරක සභාවේදී තීරණය වුණා. එවන් පසුබිමක් යටතේයී සන්ධාන නාමයෝජනා ලැයිස්තුවල මැති ඇමතිවරුන්ගේ ඥාතීන් ඇතුළත්ව ඇත්තේ.
