දිගු විවේකය කණ්ඩායමට වාසියි - දෝනි.
2012 ජූලි 18 බදාදා- පස්වරු 12:42
දිගු විවේකයකින් පසු ශී‍්‍ර ලංකාවේදී යළි සිය කණ්ඩායමට විශිෂ්ඨ ජයක් ලැබීමට අවස්ථාවක් උදාවී ඇති බව ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පවසනවා. ශී‍්‍ර ලංකාව වැනි කණ්ඩායමක් සමග තරග වැදීමට පෙර තම කණ්ඩායමට ලැබුණු මෙම විවේකය කණ්ඩායමේ කී‍්‍රඩකයින්ගේ මානසිකත්වය ඉහළ දැමීමට ලැබුණු පිටිවහලක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට හොඳ පෙරහුරුවක් බවද දෝනි ප‍්‍රකාශ කර තිබෙනවා. මේ අතර, ශී‍්‍ර ලංකාවට පැමිණීමට පෙර චෙන්නායි හි චිදම්බරන් කී‍්‍රඩාංගනයේ ඉන්දීය කී‍්‍රඩකයින් සහභාගී වූ දෙදින පුහුණු කඳවුර ඔවුන්ට අපූරු අත්දැකීමක් වූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ, පළමු දිනයේ ඔවුන් සාර්ථකව පුහුණු සැසියට සහභාගී වූ අතර දෙවන දිනයේ වූ ඊයේ කී‍්‍රඩාංගනයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් පුහුණු සැසියට සහභාගීවීමට නොහැකිවුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ශී‍්‍ර ලංකා සංචාරයට පෙර ශී‍්‍ර ලංකාව පිළිබඳ සැබෑ පුහුණුවක් චෙන්නායි හිදී ලැබුණු බවයි.
